සියලුම විස්තර ලබා ගන්න

වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම

වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම


ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත;
2. A 4 කඩදාසියක මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන වෙළඳ දැන්වීමේ සමාන ආදර්ශය (භාවිතා කරන ලද වර්ණ සහිත);
3. කිසියම් මාර්ග වෙන්කරවා ගැනීමක සවිකර ප්‍රදර්ශනය කළ යුතු ප්‍රචාරක හෝඩියක් සම්බන්ධයෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලිපියේ මුල් පිටපත;
4. කිසියම් මාර්ග වෙන්කරවා ගැනීමක සවිකර ප්‍රදර්ශනය කළ යුතු වෙළඳ ප්‍රචාරක රඳවනයක් සම්බන්ධයෙන්, වෙළඳ ප්‍රචාරක රඳවනය ප්‍රදර්ශනය කළ ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ මෝටර් රථ ප්‍රවාහන ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියේ මුල් පිටපත;
5.දැන්වීම ප්‍රදර්ශනය කිරීමට නියමිත ඉඩමේ හෝ ගොඩනැඟිල්ලේ හිමිකරුගේ එම කාර්යය සඳහා ඔහුගේ අවසරය හෙළිදරව් කරන ලිපියේ මුල් පිටපත.
6. නාගරික සංවර්ධන ප්‍රදේශයක සවිකර ප්‍රදර්ශනය කළ යුතු වෙළඳ ප්‍රචාරක රඳවනයක් සම්බන්ධයෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි - 2021 හි රෙගුලාසි 104 යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද බලපත්‍රයේ සහතික කළ පිටපතක්

නිලධාරියා අමතන්න

පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028

වෙනත් නිලධාරීන්

ආදායම් පරීක්ෂක - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028

අදාළ ගාස්තුව

සභාව විසින් නියම කර ඇති පරිදි